ජවිපෙට සුළු ඡන්ද වැඩි වීමක් තීනවා..! පොහොට්ටුවේ ජය නියතයි…! – මහින්දානන්ද…

February 11, 2023 at 7:06 pm | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණට මේ අවස්ථාවේ රටේ සුළු ඡන්ද වැඩි වීමක් ඇතැයි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

එය කිසිසේත් පොදුජන පෙරමුණට අභියෝගයක් නොවන බවත් පළාත් පාලන මැතිවරණය තම පක්ෂය ඉහළින් ම ජය ගන්නා බවත් ඔහු අවධාරණය කරයි.

පොදුජන පෙරමුණ යනු මේ රටේ යුද්ධය අවසන් කළ කොවිඩ් වසංගතය පරාජය කළ රටට දැවැන්ත සංවර්ධනයක් ගෙන ආ නායකත්වය බව ද මහින්දානන්ද අලුත්ගමගේ පෙන්වා දෙයි.

ජනතා විමුක්ති පෙරමුණ බස්වලින් සෙනඟ ඇද රැස්වීම් කළ ද ඡන්ද ප්‍රතිඵල ලැබෙන විට හැමදාම සිදුවූ දේ මෙවර ද සිදුවන බව ද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *