පුංචි ඡන්දේ මාර්තු 09 වෙනිදා…!

January 21, 2023 at 4:45 pm | by emanisa.lk

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මාර්තු මස 09 වැනි දා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විසින් දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන් වෙත දැනුම් දී ඇති අතර ඔවුන් එම දිනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව සඳහන්ය.

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා කැඳවීම අද දහවල් 12.00 න් අවසන් කෙරිණි.

මේ අතර මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන ශ්‍රේෂ්ඨාධීකරණයට දැනුම් දී තිබුණේ මැතිවරණය සඳහා මේ අවස්ථාවේ මුදල් සොයා ගැනීම අතිශය දුෂ්කර බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *