පුංචි ඡන්දේ මාර්තු 09 ස්ථිරයි…! අධිකරණය තහවුරු කරයි..!

February 10, 2023 at 12:04 pm | by emanisa.lk

මැතිවරණ කොමිෂන් සභාව සැලසුම් කළ ඇති පරිදි ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී ඇත.

ජනතාවගේ අයිතියක් වන, සර්වජන ඡන්ද බලය ආරක්ෂා කිරීමේ වගකීම ඇත්තේ, මැතිවරණ කොමිෂන් සභාවට වන බැවින් සහ මැතිවරණය නිසි ආකාරව පවත්වන බවට මැතිවරණ කොමිෂන් සභාව තම අධිකරණය හමුවේ ප්‍රතිඥාවක් දී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් අධිකරණයට නියෝග නිකුත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේය.

අදාළ තීන්දුව දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත්තේ මේ සම්න්ධනයෙන් ගොනු කළ පෙත්සම් විභාගයට ගැනීමට අවශ්‍යතාවක් නොමැති බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *