පුංචි ඡන්දේ කඩිනම් කරන විදෙස් මෙහෙයුමක්….!

January 13, 2023 at 11:05 am | by emanisa.lk

පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා රජයට බල කරන රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුමක් ආරම්භ වී ඇතැයි ආරක්ෂක බුද්ධි අංශ රජයට දැනුම් දී ඇත.

බටහිර කඳවුරේ ප්‍රබල රටවල් පහක් හා ආසියාතික රටවල් දෙකක් දැනටමත් එම මෙහෙයුමට සක්‍රිය දායකත්වය දී ඇතැයි හෙළි කරගෙන තිබේ.

පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු බවට ජනමතයක් ඇති කිරීම ඇතුළු කාරණා සම්බන්ධව එම රටවල් දේශපාලන පක්ෂ සමග දිගින් දිගට ම රහස්‍ය සාකච්ඡා පවත්වන බව ද හෙළි වී ඇත.

එක් බටහිර රටක් දෙමළ පක්ෂවලට සහය දක්වමින් මැතිවරණය සඳහා සූදානම් වන බව ද හෙළි වී තිබේ. කිසිදු පක්ෂයකට බහුතර බලයක් ලබාගත නොහැකි වනු ඇති බව තක්සේරුව වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *