පුංචි ඡන්දේ හාර මාසෙකින් පස්සට..?

January 8, 2023 at 9:09 am | by emanisa.lk

යෝජිත පළාත් පාලන මැතිවරණය ලබන ජුලි මාසය දක්වා මාස 4ක කාලයකට කල් දැමෙනු ඇතැයි විශ්වාස කටයුතු ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග කියයි.

පළාත් පාලන මැතිවරණය සඳහා වෙන්කර ඇති මුදල් නිදහස් කිරීමේ ප්‍රායෝගික අපහසුතාව, දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් වන දිසාපතිවරුන් 07 දෙනකු විශ්‍රාම ගැනීම හෝ ස්ථාන මාරු ලැබීම, වී මිල දී ගැනීම සඳහා අවශ්‍ය මුදල් වෙන් කිරීම යන හේතු මැතිවරණය කල් දැමීම සඳහා සලකා බැලෙන ප්‍රධාන හේතු බව වාර්තා වෙයි.

මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සාමාජිකයන් 5 දෙනා අතර පූර්ණ එකඟතාවක් නොමැති බවට වාර්තා වන තොරතුර ද ඡන්දය කල් දැමීමට හේතු වී ඇතැයි වැඩිදුරටත් දැනගන්නට තිබේ. කෙසේ වුව ද කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා ප්‍රකාශ කළේ තම කමිටුව තුළ එවැනි කිසිදු බෙදීමක් නොමැති බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *