මැතිවරණය කල් දැමීමේ යෝජනාවක්…! ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධීකරණයට වග උත්තර බඳී…!

January 29, 2023 at 8:11 am | by emanisa.lk

යෝජිත පළාත් පාලන මැතිවරණය නිශ්චිත කාලයකට කල් දැමීමට මැතිවරණ කොමිසම එකඟ කර ගැනීම සඳහා වන යෝජනාවක් රජය විසින් සකස් කර ඇතැයි ඉහළ පෙළේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන මැතිවරණය කල් දැමීමට අදාළ නඩුව කැඳවන මීළඟ දිනයේ මෙම යෝජනාව ඉදිරිපත් කෙරෙනු ඇතැයි දැනගන්නට තිබේ. එම නඩුව මීළඟට කැඳවීමට ඇත්තේ පෙබරවාරි මස 10දාය.

මුදල් අමාත්‍යංශයට මේ අවස්ථාවේ මැතිවරණයට අවශ්‍ය මුදල් සැපයීමේ අපහසුතාව, පොලිසියට මැතිවරණයේ ආරක්ෂාව සැපයීමේ අපහසුතාව, මැතිවරණය සඳහා ඉන්ධන හා සෙසු බලශක්ති සැපයීමේ අපහසුතාව, මැතිවරණ සීමා නිර්ණය කටයුතු මෙතෙක් හමාර නොවීම, මැතිවරණ වියදම් පාලන පනතේ රෙගුලාසි මේ දක්වා විධිමත්ව සකස් නොවීම, තරුණ නියෝජනය 30% ක් දක්වා ඉහළ නැංවීම ඇතුළු කාරණා රාශියක් මැතිවරණය කල් දැමීමට යෝජිත හේතු අතර වන බව සඳහන්ය.

රජයේ මෙම යෝජනාව විවෘත අධිකරණයේදී මැතිවරණ කොමිසමට ඉදිරිපත් කොට එම කොමිසමේ දී එකඟතාවෙන් නිශ්චිත කාලයකට මැතිවරණය කල් දමන ලෙස ඉල්ලා සිටීමට අදහස් කරන බව මේ වැඩි දුරටත් වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *