ඡන්ද අපේක්ෂකයින්ගේ ඉන්ධන කෝටාව වැඩි කරන්න බෑ…! 

January 19, 2023 at 9:50 am | by emanisa.lk

පළාත් පාලන මැතිවරණය සඳහා පෙනී සිටින අපේක්ෂකයින්ගේ ඉන්ධන කෝටාව වැඩි කිරීම සඳහා ඉල්ලීම් ලැබී තිබුණ ද ඊට අනුමැතිය ලබා දීමට නොහැකි බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

එහි සභාපති මොහොමඩ් උවයිස් මොහොමඩ් සඳහන් කළේ, පවතින තත්ත්වය හමුවේ ප්‍රායෝගිකව එම කෝටාව වැඩි කිරීමට හැකියාවක් නොමැති බවය.

මේ වන විට රටේ ඉන්ධන පරිභෝජනය 40%කින් පහත වැටී ඇති බවත් එම ඉන්ධන ප්‍රමාණය ඉක්මවා ඉන්ධන ලබා ගැනීමට ඩොලර් සපයාගත නොහැකි බවත් හෙතෙම අවධාරණය කරයි.

මැතිවරණ කොමිෂන් සභාව සමග ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මෙම අදහස් පළකළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *