බුද්ධිමත් ජනතාව පොහොට්ටුව සමගයි…! පුංචි ඡන්දෙන් ජයග්‍රහණය නියතයි…! – සාගර…

January 15, 2023 at 9:27 am | by emanisa.lk

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 19 සදහා පොදුජන පෙරමුණ පක්ෂය ඇප මුදල් තැන්පත් කිරීම එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) සවස සිදු කෙරිණි.

ඇප මුදල් තැන්පත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සාගර කාරියවසම් සදහන් කර සිටියේ, ගම්පහ දිස්ත්‍රික්කයට ඇප මුදල් තැන්පත් කිරීමත් සමග දිවයිනෙහි පොදුජන පෙරමුණ තරඟ කරන සියලුම පළාත් පාලන ආයතන සියල්ල වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම අවසන් බවත් මෙම ආයතන සියල්ලෙහිම ජයග්‍රහණය නියත බවත්ය.

මැතිවරණ ජයග්‍රහණය පිළිබඳ විශ්වාසයක් නොමැති පක්ෂ විසින් මැතිවරණය නොපැවැත්වෙන බවට ප්‍රචාරයක් ගෙන යන බවත් විදුලි බිල, බදු වැඩි වුව ද මෙය තේරුම් ගත හැකි රටේ බුද්ධිමත් ජනතාව පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරවීමට පියවර ගන්නා බව විශ්වාස බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *