පළාත් සභා නෑ කියල රටට කිසි පාඩුවක් නෑ…! බංකොලොත් රටකට ඡන්ද වැඩක් නෑ…!

January 17, 2023 at 9:13 am | by emanisa.lk

පළාත් පාලන මැතිවරණය පිළිබඳ මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී. පුංචිහේවා විවිධ අවස්ථාවල එකිනෙකට පටහැනි ප්‍රකාශ කරමින් ඇතැයි ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ සමන් රත්නප්‍රිය චෝදනා කරයි.

පළාත් පාලන මැතිවරණය පැවැත් වීමෙන් රට බංකොලොත්වන්නේ කෙසේ දැයි ඔහු විමසා ඇතැයි ද රත්නප්‍රිය සඳහන් කරයි.

මැතිවරණය නිසා රට බංකොලොත් වීම නොව බංකොලොත් රටක මැතිවරණ සඳහා අරමුදල් උපයා ගන්නේ කෙසේ දැයි සිතා බැලිය යුතු බවයි, ඔහු ප්‍රකාශ කළේ.

පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය තර්ජනයට ලක්වන බවට සිදුකරන ප්‍රකාශය පදනම් විරහිත බවත් පළාත් සභා නොමැති නිසා ප්‍රජාතන්ත්‍රවාදයට කිසිවක් සිදුව නොමැති බව ද අවධාරණය කළේය.

මෙවැනි මැතිවරණවලින් රටේ පාලනයේ කිසිදු වෙනසක් නොවන අතර මෙය ආණ්ඩුව වෙනස් වන මහා මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් නොවන බව ද කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *