මමත් මගේ පියාණන් වගේ ම හොඳ වැඩකාරයෙක්…! උදේ හතරට නැගිටලා වැඩ කරල රට ගොඩ ගන්නවා…!

January 15, 2023 at 12:21 pm | by emanisa.lk

සිය පියාණන්ට මෙන්ම උදෑසන 4ට අවදි වී රත්‍රී 10 වන තුරු වැඩ කිරීමේ ශක්තිය තමන්ට ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

රටට උවමනා රටට සේවය කළ හැකි වැඩකාරයින් බවත් විදුලි බල වැඩි නොකර රට ශක්තිමත් කිරීමට තමන්ට හැකි බවත් හෙතෙම ප්‍රකාශ කරයි.

සජිත් ප්‍රේමදාස එහි දී ප්‍රශ්න කළේ, ලක්ෂ දෙදහසක් වියදම් කර නිදහස් උළෙල පැවැත්විය හැකි නම් ඡන්දයක් පැවැත්විය නොහැකි මන්දැයි කියා ය.

විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ, සමගි ජන බලවේග මහරගම ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එකතු වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස