ජවිපෙ ආණ්ඩුව යටතේ නර්ස්ලට ජිම් අනිවාර්යයි…! හෙදියකට පිරුණු ළැමක් තියෙන්න ඕන..!- ලාල්කාන්ත…

January 13, 2023 at 7:08 pm | by emanisa.lk

රෝහල්වල සේවය කරන සියලු ම හෙදියන් දිනපතා ජිම් යෑම අනිවාර්ය කළ යුතු බව ජවිපෙ හිටපු දේශපාලන බල මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

හෙදියන් සිහින් ඉඟ, පුළුල් උකුල, පිරුණු ළැම ආදියෙන් සමන්විත සුන්දර කාන්තාවන් විය යුතු බවයි, ඔහු අවධාරණය කළේ.

දිනකට පැය 24ක් ඇති බවත් ඉන් අටක් වැඩ කොට අටක් නිදා ගෙන ඉතිරි කාලය තමන් කැමැති දේවල් සඳහා යොමු කළ යුතු බව ද ලාල්කාන්ත ප්‍රකාශ කළේය.

හෙදියන් පිරිමි ඇහැට ආකර්ෂණය වන ආකාරයට සිටිය යුතු බවත් එසේ නොවන්නේ යැයි යමෙක් කියන්නේ නම් ඔහු කමකට නැති අයකු බව ද ඔහු සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *