ඊළඟ ආණ්ඩුව හදන්නේ සජබ එජාප ජවිපෙ සහ  දෙමළ – මුස්ලිම් සන්ධානය බව ස්ථිරයි…! – ලාල්කාන්ත…

November 9, 2021 at 9:51 pm | by emanisa.lk

2025 නව ආණ්ඩුවක් පත්වීම ස්ථීර බව එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

එය ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවක් නොව වර්තමාන ආණ්ඩුවේ කොටසක් ද සමගි ජන බලවේගය ද ජනතා විමුක්ති පෙරමුණ ද එකතු වී හදන ආණ්ඩුවක් බව ද ලාල්කාන්ත පෙන්වා දෙයි.

කිසිවෙකු උද්දච්චකමට තමන් ආණ්ඩුවක් පිහිටු වන්නේ යැයි කීව ද මෙම සියලු ප්‍රගතිශීලි බලවේග එකතු මෙය සිදුකළ යුතු බව ද හෙතෙම අවධාරණය කරයි.

ලාල්කාන්ත පෙන්වා දෙන්නේ, ඒ සඳහා සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් දේශපාලන පක්ෂ සහ ජනතා විමුක්ති පෙරමුණ ද එකට එකතු විය යුතු බවයි.

යූටියුබ් නාළිකාවක් සමග පැවැති සාකච්ඡාවක දී හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *