සමුපකාර ඡන්දෙන් ජවිපෙට 2/3කට වැඩි ජයක්..! නියෝජිතයින් 130න් 94ක් ජවිපෙන්..!

January 9, 2023 at 12:30 pm | by emanisa.lk

පොල්පිතිගම විවිධ සේවා සමුපකාර සමිතියට මහා සභා නියෝජිතයන් තෝරා ගැනීම සඳහා පැවැති ඡන්ද විමසීමෙන් ජනතා විමුක්ති පෙරමුණ තුනෙන් දෙක ඉක්මවූ ජයග්‍රහණයක් අත් කරගෙන තිබේ.

සභිකයින් එකසිය තිස් දෙනෙකු තෝරාගැනීමට කොට්ඨාස තිහක් සඳහා මෙම නිළවරණය පැවැත්විණි. එක්සත් ජාතික පක්ෂ හැර අනෙක් සියලු ම ප්‍රධාන දේශපාලන පක්ෂවල අනුග්‍රහය ලබන කණ්ඩායම් මේ සඳහා ඉදිරිපත් වූහ.

ජනතා විමුක්ති පෙරමුණේ සහාය වන කණ්ඩායම් කොට්ඨාස 25 ක් සඳහා ඉදිරිපත් කර තිබූ අතර ඉන් කොට්ඨාස 23 කම ජයග්‍රහණයක් ඔවුන් විසින් අත්පත් කරගෙන තිබිණි.

සමස්ත ප්‍රතිඵලය තුළ නියෝජිතයන් 130න් 94ක්ම ජනතා විමුක්ති පෙරමුණ ද, සමගි ජන බලවේගය 20ක් සහ පොදුජන පෙරමුණෙන් 16ක් ලෙස බෙදී ගොස් තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *