සිය පක්ෂය ලබා දී සජිත් ප්‍රේමදාස මේ රටේ විපක්ෂ නායකයා කළ තමා පිළිබඳ ඔහු කිසිදු කෙළෙහි ගුණයක් නැතැයි රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසයි.
ඇමැතිවරිය චෝදනා කළේ තමා පිළිබඳ ප්‍රශ්න ඇද ගෙන උසාවි ගාණේ යමින් සිටින බවටයි.
විපක්ෂ නායකවරයා වීදුරු ගෙවල් ඇතුලේ සිට ගල් ගහනවා නම් තමන් ගසන්නේ එක ගලක් බවයි, ඇය අවධාරණය කළේ.
නුදුරේ දී ම සජබයට සිදුවන්නේ කුමක් දැයි සියලු දෙනාට දැකගත හැකි වනු ඇතැයි ද ඩයනා ගමගේ වැඩි දුරටත් ප්‍රකාශ කළාය.
අද (02) පාර්ලිමේන්තුව අමතමින් ඩයනා ගමගේ මේ බව කීවාය.