ජනතා විමුක්ති පෙරමුණ රනිල් වික්‍රමසිංහගේ ඉත්තෙකු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.
V fm නාළිකාවේ මුල් අයිතිකරු කවුද එය මිලට ගත්තේ කෙතරම් මුදලක් වැය කර ද අනතුරුව විකුණා දැමුවේ කාට ද යන්න පවසන්නැයි ජවිපෙ අනුර දිසානායකට අභියෝග කරන බවයි, හිරුණිකා සඳහන් කළේ.
V fm ගනුදෙනුවට ජවිපෙ සම්බන්ධ බවත් පිරිසිදු යැයි කියා ගන්නා ජවිපෙ 1994 සිට කී වරක් සන්ධානගත වූයේ දැයි ඇය ප්‍රශ්න කරයි.
ජවිපෙ චන්ද්‍රිකා, මහින්ද සහ මෛත්‍රීපාල සමගත් වැඩ කළ නමුත් තමන් වැඩ කළේ මෛත්‍රී සමග පමණක් යැයි ද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වැඩි දුරටත් සඳහන් කළේ සජබ මූලස්ථානයේ මාධ්‍ය හමුවක් අමතමිනි.