අපි අද හොඳ බත් ටිකක් කන්නේ ඩඩ්ලි සිරිසේනලා නිසයි…! – අනුර…

December 16, 2021 at 7:43 pm | by emanisa.lk

අපේ රටේ සහල්වල ගුණාත්මකභාවය ඉහළ නැංවූයේ ඩඩ්ලි සිරිසේන ඇතුළු මෝල් හිමියන් බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

මෙයට පෙර දෙතුන් වතාවක් සෝදා අනතුරුව ළිපේ තබා කැඳ ද ඉවත් කර කෑමට ගත් බත්වල ප්‍රමිතිය ඉහළ නැංවූයේ මහ පරිමාණ මෝල් හිමියන් ගෙන ආ තාක්ෂණය බව ජවිපෙ නායක අනුර දිසානායක පෙන්වා දුන්නේ ය.

ජවිපෙ නායකයා ප්‍රකාශ කරන්නේ, සහල් කර්මාන්තයට තාක්ෂණය හඳුන්වා දී පිරිසිදු ගුණාත්මක සහල් නිෂ්පාදනය සඳහා ඔවුන් කටයුතු කිරීම පිළිබඳ තමන්ට ඇගයීමක් ඇති බවයි.

ඩඩ්ලි සිරිසේන ඇතැළු මෝල් හිමියන් විශාල ගබඩා ඉදිකර විශාල සහල් ප්‍රමාණයක් මිල දී නොගන්නට කුමක් සිදු වනු ඇත්දැයි අනුර දිසානායක ප්‍රශ්න කළේ, රූපවාහිනී වැඩසටහනකට එකතු වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *