පොහොට්ටුවයි අලියයි ඉවරෙට ම ඉවරයි…! මේ මහ පොළොවේ ඇත්තේ සජබයි ජවිපෙයි විතරයි…! – මරික්කාර්…

August 24, 2022 at 7:32 pm | by emanisa.lk

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අරගලය තුළින් බලයට පත්ව අරගලය මර්දනය කරමින් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසයි.

මෙය 2015 රනිල් වික්‍රමසිංහ බලයට ගෙනා එක්සත් ජාතික පාක්ෂිකයින්ට පහර දීමට සමාන බවයි, සමගි ජන බලවේග මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

පොහොට්ටුකාරයින්ගේ හිත් දිනාගෙන ඊළග ඡන්දේ දිනන්න පුළුවන් යැයි සිතා ජනාධිපතිවරයා මෙම පළිගැනීම කරන බවට ද මරික්කාර් චෝදනා කළේය.

එහෙත් මේ වන විට පොදුජන පෙරමුණ හෝ එක්සත් ජාතික පක්ෂය හෝ 69 ලක්ෂයේ ජන වරම හෝ තව දුරටත් මේ රට තුළ නොමැති බව ද ඔහු ප්‍රකාශ කළේය.

මේ මහ පොළොවේ තව දුරටත් යථාර්ථයක් වන්නේ සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ පමණක් බව ද මරික්කාර් වැඩි දුරටත් අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *