ධනුෂ්කලා විනාශ කළ රටේ කීර්තිය නැවත ගේනවා..! – අනුර…

November 8, 2022 at 10:06 am | by emanisa.lk

රට නියෝජනය කරමින් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට ගිය ක්‍රීඩකයා ස්ත්‍රී දූෂණ චෝදනාවකට අත්අඩංගුවට ගෙන ඇතැයි ජවිපෙ නායක අනුර දිසානායක පවසයි.

ඔහු සිය පෞද්ගලික් සිතැඟී කවරාකාරයකින් ඉටු කරගත්ත ද තමන්ට ගැටලුවක් නැතැයි ද ඔහු රට නියෝජනය කරන ක්‍රීඩකයෙකු ලෙස වගකීමෙන් කටයුතු කළ යුතුව ඇතැයි ද ජවිපෙ නායකයා අවධාරණය කරයි.

පොදු රාජ්‍ය මණ්ල ක්‍රීඩා උලෙළට ගිය ක්‍රීඩකයින් 10 දෙනෙකු පළා ගොස් ඇති බවත් මේ නිසා නැවත ලාංකිකයින්ට ඒ රටවලට වීසා ගත නොහැකි තත්ත්වයක් මතුව ඇති බවත් හෙතෙම පෙන්වා දෙයි.

මෙලෙස ජාත්‍යන්තර ඉදිරියේ කළු රටක් බවට හංවඩු ගසා ඇති රට පිරිසිදු රටක් බවට පත්කර ඉන්දියන් සාගරේ සැබෑ මුතු ඇටය බවට පත්කිරීමට තමන් සූදානම් බව ද අනුර දිසානායක සඳහන් කළේය.

ජාතික ජන බලවේග ජන හමුවක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *