පාසල් ගුරුවරියන්ට පහසු ඇඳගෙන ඇඳුමකින් සැරසී සේවයට වාර්තා කිරීමේ අයිතිය ලබා ගැනීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ලංකා ගුරු සංගමය තීරණය කර තිබේ.
එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් සඳහන් කළේ ඉදිරියේ දී මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කිරීමට කටයුතු කරන බවයි.
පාසල් ගුරුවරියන්ගේ ඇඳුම සම්බන්ධයෙන් ඇති වී තිබෙන මතභේදාත්මක තත්ත්වය පිළිබඳව අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.