ගුරු ඇඳුමේ වෙනසක් නෑ,.! ඩෙනිම ඇඳලා ඉස්කෝලේ එන්න බෑ…! – අධ්‍යාපන ඇමැති

November 4, 2022 at 4:14 pm | by emanisa.lk

රජයේ පාසල් ගුරුවරුන් සඳහා දැනට ක්‍රියාත්මක ඇඳුම වෙනස් නොකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

ජාතික ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් පසුගියදා ලිපියක් යොමු කරමින් ඉල්ලා තිබුණේ අධික වියදම් සහිත සාරිය සහ ඔසරිය වෙනුවට කැමති ඇඳුකින් පාසැලට පැමිණීමට ගුරුවරියන්ට අවසර ලබා දෙන ලෙසය.

මේ පිළිබඳ සමාජයේ දැඩි සංවාදයක් මතු වූ අතර මහා සංඝරත්නය ඇතුළු බොහෝ පාර්ශ්ව එම යෝජනාවට එරෙහි විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *