ගුරුවරියන්ගේ සාරි ගලවන්න හදන ස්ටාලින් අමුඩෙ ඇඳං ඉස්කෝලේ එයි…! – වසන්තා හඳපාන්ගොඩ…

November 4, 2022 at 8:44 am | by emanisa.lk

ගුරුවරියන්ට සැහැල්ලු ඇඳුමක් ලබා දීමට උත්සාහ කරන ජෝශප් ස්ටාලින් අමුඩයක් ඇඳගෙන පාසල් පැමිණීම සුදුසු බව ඉදිරියේදී ප්‍රකාශ කිරීමේ හැකියාවක් ඇතැයි ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපති වසන්තා හඳපාන්ගොඩ පවසයි.

“ගුරුවරියන්ගේ සාරිය ගැලවීමට ජෝශප් ස්ටාලින්ට අයිතියක් නැහැ. ඊට විරෝධය පළ කරලා අපි අධ්‍යාපන ඇමැතිට, ලේකම්වරයාට ලිපියක් යොමුකර තිබෙනවා.

මේ යන විදියට ගිහිං තව ටික දවසකින් ගුරුවරුන්ටත් සැහැල්ලු ඇඳුමක් ඕනෑ කියලා ජෝශප්ලා අමුඩයක් ඇඳගෙන පාසල් එන්න ඕනෑ කියයි ද දන්නෑ.

ලංකාවේ අධ්‍යාපන පද්ධතිය තුළ විෂය මාලාව ක්‍රමවත් කිරීම සම්බන්ධව ගුණාත්මක අධ්‍යාපන වැඩපිළිවෙළක් බිහි කිරීමට ඉල්ලීම් කළ යුතු මොහොතක, ජෝශප්ලා මේ රෙද්දක් අල්ලගෙන දඟලන්නේ කුමන මගඩියකට දැයි සිතා බැලිය යුතුයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *