ජෝෂප් ස්ටාලින්ට සාරි අන්දයි…!

November 8, 2022 at 1:51 pm | by emanisa.lk

ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් ගුරුවරුන්ගේ ඇඳුම පිළිබඳ ගෙන ආ යෝජනාවට විරෝධය පළ කරමින් නොච්චියාගම පිරිසක් වීදි බැස තිබේ.

එහි දී විරෝධතාකරුවෝ ජෝසප් ස්ටාලින් සාරි ඇඳ සිටින අයුරු දැක්වෙන බැනර් ප්‍රදර්ශනය කරමින් නොච්චියාගම බස් නැවතුම්පල ඉදිරියේ නිහඩ විරෝධතාවක නිරත වූහ.

විරෝධතාකරුවන් ප්‍රකාශ කළේ, ජෝසප් ස්ටාලින් ගුරු වෘත්තියට නුසුදුසු මානසික රෝගියෙක් බවයි.

අනතුරුව නොච්චියාගම විද්‍යා ආදර්ශ විද්‍යාලය ඉදිරිපිට පුවරු ප්‍රදර්ශන කර පිරිස විසිර ගොස් තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *