ධනුෂ්ක වරද පිළිනොගනී…! නඩුව දිනන බවත් කියයි…!

November 8, 2022 at 6:43 am | by emanisa.lk

කාන්තාවකට ලිංගික අතවර කළ බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනාවන්ට වරද පිලි නොගැනීමට තීරණය කර තිබේ.

ඒ අනුව එල්ල කර ඇති චෝදනාවන්ට විරුද්ධව ඕස්ට්‍රේලියානු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනාවක් ගොනු කිරීම ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු නීති ප්‍රධානී චානක සේනානායක සඳහන් කරයි.

මෙම නඩුවේ ජයග්‍රහණය ලබාගත හැකි බැවින් වරද පිළිගැනීමට කිසිදු උවමනාවක් නැති බව ද හෙතෙම පැවසීය.

“දැන් මේකට අපි අභියාචනයක් කරන්නයි යන්නේ. අභියාචනය පැය 24 ක් හරි පැය 48ක් ඇතුළත ගොනුකරන්න ඕන. ඒ ගැන අපේ නීතිඥ ආනන්ද අමරනාත් මහත්මයා වැඩකරගෙන යනවා. අභියාචනයට අපි බලාපොරොත්තු වෙනවා නිව් සවුත් වේල්ස් හි හිටපු නීතිපතිවරයාවත් මේකට ඇතුළත් කරගන්න.

අභියාචනය සුමානයකින් විතර ගන්නවා ශ්‍රේෂ්ඨාධිකරණයේදී. නඩුව ඊළඟ දවස හැටියට සඳහන් කරලා තියෙන්නේ ජනවාරි 12. නඩුව සෑහෙන්න දවසක් එතකොට ඉස්සරහට ඇදෙයි.

අධිකරණයේදී ඔවුන් ඉල්ලා හිටියා මේ නඩුව කැඳවන්න කියලා මාධ්‍යවේදීන් නැතුව, නමුත් ඒ සම්බන්ධයෙන් අපි විරුද්ධ වුණා. හැමෝටම දැනගන්න ඕන මොකක්ද වුණේ කියන එක. නැතුව හංගලා මේක අහන්න බැහැයි කියන ස්ථාවරයේ තමයි අපි ඉන්නේ. අපි බොහොම පැහැදිළිව ස්ථාවරයක ඉන්නවා වැරැද්ද පිළිනොගෙන ඉන්න.

දැනට ඉදිරිපත් වෙලා තියෙන කරුණු අනුවත් සිද්ධි දාමය දිහා පැහැදිළිව බැලුවාමත් අපිට හිතෙනවා මේක දින්නන්න පුළුවන් නඩුවක් කියලා. ඒ නිසා කිසිම අවශ්‍යතාවයක් නෑ වරද පිළිගන්න”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස