විනය කැඩූ කුසල්, ධනුෂ්ක සහ නිරෝෂන්ට ක්‍රිකට් තහනමක්….! ඇ.ඩො. 25, 000ක දඩයකුත් පනවයි…!

July 29, 2021 at 7:31 pm | by emanisa.lk

පසුගිය එංගලන්ත සංචාරය අතර ජෛව ආරක්ෂක බුබුළෙන් මිදී විනය විරෝධී ලෙස හැසිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල පංච පුද්ගල විනය කමිටුව මගින් වරදකරුවන් කර තිබේ.

මේ අනුව මෙන්ඩිස්ට සහ ධනුෂ්කට වසර දෙක බැගින් තරඟ තහනමක් හා දික්වැල්ලට වසර එකහමාරක තරඟ තහනමක් නියම කර තිබේ. දික්වැල්ලගේ තහනම් කාලය අඩු වී ඇත්තේ පෙර වැරදි නොමැති බව පදනම් කර ගෙන ය. එසේ ම තිදෙනාට තරග තහනමට අමතරව ඇමරිකානු ඩොලර් 25,000ක දඩ මුදලක් ද නියම කර තිබේ.

කෙසේ වුවත් මෙම තීන්දුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෝ ක්‍රීඩා අමාත්‍යංශය නිළ වශයෙන් නිවේදනය කර නොමැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *