ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ක්රියාකාරීත්වය සම්බන්ධයෙන් එම පක්ෂයේ තරුණ මැති ඇමැතිවරුන් පිරිසක් දැඩි කලකිරීමට පත්ව සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
පක්ෂය ගතානුගතිකව තව දුරටත් කටයුතු කිරීම සහ 2015 පරාජයෙන් පසුව හා මේ වසරේ ඇති වූ සිද්ධිවලින් පාඩම් ඉගෙන නොගෙන කටයුතු කිරීම නිසා මෙම තත්ත්වය ඇතිව තිබෙන බව දැන ගන්නට තිබේ.
එම තත්ත්වය මත පොහොට්ටුවේ මන්ත්රීවරුන් කණ්ඩායම් වශයෙන් බෙදී තැන්වල කතා කරන්නට පටන් ගෙන ඇතැයි ද ඔවුහු සඳහන් කළහ.
පොදුජන පෙරමුණේ ප්රධාන රැස්වීම් කිහිපයක් පසුගිය කාලයේ දිස්ත්රික්ක කිහිපයක පැවැත්වුවද,තරුණ මැති ඇමැතිවරුන් බොහෝ දෙනකු ඊට සහභාගී නොවූයේ මෙම කලකිරීම නිසා බව ද ඔවුහු කියා සිටියහ.