21 වන සියවසේ විශිෂ්ටයා පොහොට්ටු වේදිකාවේ! පොහොට්ටුව දිනවා රටම දිනවන්න කියයි!

July 2, 2020 at 11:35 am | by emanisa.lk

සුපිරි ක්‍රිකට් ක්‍රිඩක මුත්තයියා මුරලිදරන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය උදෙසා කටයුතු කරමින් සිටියි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තමා සමග එකතු වී රට ගොඩනැඟීමට එකතු වන ලෙස මුරලිදරන්ගෙන් ඉල්ලා සිටිය ද ඔහු එය ප්‍රතික්ෂේප කර සිය සහෝදරයා දේශපාලනයට යොමු කර තිබේ.

ඒ අනුව මෙවර නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ඔහුගේ සහෝදරයා වන ප්‍රභා මුරලිදරන් පොදුජන පෙරමුණ යටතේ තරඟ වදියි.

මස්කෙළිය ප්‍රදේශයේ ජනහමුවක් අමතමින් ඔහු සඳහන් කළේ තමන්ට අවශ්‍ය තරම් ධනය ද ප්‍රසිද්ධිය ද ඇති නිසා දේශපාලනයෙන් උපයා ගැනීමට කිසිවක් නොමැති බවත් අවශ්‍ය ජනතාවට සේවය කිරීම පමණක් බවය.

මෙවර මැතිවරණයෙන් පොදුජන පෙරමුණ ජයගැනීම අනිවාර්ය නිසා ඒ ජයග්‍රහණයේ කොටස්කරුවන් වී නුවරඑළිය ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සඳහා එකතු වන මෙන් ඔහු ජනතාගෙන් ඉල්ලා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *