අගමැති ඉවත් කරන බලය ජනපතිට ඕන…! පොහොට්ටුවෙන් 21ට සංශෝධනයක්…!

June 3, 2022 at 12:24 pm | by emanisa.lk

අගමැතිවරයා හා අමාත්‍ය මණ්ඩලය ඕනෑම අවස්ථාවකදී ඉවත් කිරීමේ බලය සහ ඕනෑම අමාත්‍යංශයක් ඕනෑම මොහොතක පවරා ගැනීමේ බලය ජනාධිපතිවරයා සතු වන යෝජනාවලියක් 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කිරීමට ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් සැලසුම් කර ඇති බව වාර්තා වේ.

යෝජිත 21 වන සංශෝධනය මගින් ජනාධිපතිවරයාට අගමැති සහ ඇමැතිවරුන් ඉවත් කිරීමේ බලය අහිමි කර ඇත.

19 වන සංශෝධනය මගින් ද එම බලය අහිමි කර තිබූ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අගමැති ධූරයට මහින්ද රාජපක්ෂ පත් කොට ආණ්ඩුවක් පිහිට වුව ද එම පත්වීම බල රහිත වූයේ එහෙයිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *