වට්ටියෙන් හරි පෙට්ටියෙන් හරි මම ඊළඟ පාරත් පාර්ලිමේන්තුවේ..! – නිමල් සිරිපාල….

October 25, 2022 at 10:05 am | by emanisa.lk

තමන්ට ඡන්දය ලබා දෙන්නේ මෛත්‍රීපාල සිරිසේන හෝ දයාසිරි ජයසේකර නොවන බවත් බදුල්ලේ ජනතාව බවත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

එහෙයින් වට්ටියෙන් ආවත් පෙට්ටියෙන් ආවත් තමන්ට පාර්ලිමේන්තුවට යාම ගැටලුවක් නොවන බවයි, ඇමැතිවරයා ප්‍රකාශ කළේ. ශ්‍රීලනිප තනතුරුවලින් මිස සාමාජිකත්වයෙන් තමා ඉවත් කොට නොමැති බව ද ඔහු සඳහන් කරයි.

තමා සටන් කරන්නේ පක්ෂයේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට බවත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කතා කරන අය පළමුව පක්ෂයේ ප්‍රජාත්න්ත්‍රවාදය රැකගත යුතු බවත් නිමල් සිරිපාල අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *