තමන්ට ඡන්දය ලබා දෙන්නේ මෛත්‍රීපාල සිරිසේන හෝ දයාසිරි ජයසේකර නොවන බවත් බදුල්ලේ ජනතාව බවත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.
එහෙයින් වට්ටියෙන් ආවත් පෙට්ටියෙන් ආවත් තමන්ට පාර්ලිමේන්තුවට යාම ගැටලුවක් නොවන බවයි, ඇමැතිවරයා ප්‍රකාශ කළේ. ශ්‍රීලනිප තනතුරුවලින් මිස සාමාජිකත්වයෙන් තමා ඉවත් කොට නොමැති බව ද ඔහු සඳහන් කරයි.
තමා සටන් කරන්නේ පක්ෂයේ අභ්‍යන්තර ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීමට බවත් රටේ ප්රජාතන්ත්රවාදය පිළිබඳ කතා කරන අය පළමුව පක්ෂයේ ප්රජාත්න්ත්රවාදය රැකගත යුතු බවත් නිමල් සිරිපාල අවධාරණය කරයි.