රනිල් දැන් හොඳ වෙලා…! බටහිර ගැති නෑ..! තානාපති පදේට නටන්නේ නෑ…! මානව හිමිකම් මතකත් නෑ,.! ඒකයි අපි උදව් කළේ…! – නාමල්…

October 15, 2022 at 6:21 pm | by emanisa.lk

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉස්සර මෙන් බටහිර ගැති අයෙකු නොවන බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසයි.

දැන් ගෝඨාභය රාජපක්ෂට මානව හිමිකම් මතක් වුව ද රනිල් වික්‍රමසිංහට ඒ පිළිබඳ මතකයක් නැති බවයි, ඔහු ප්‍රකාශ කළේ.

“ඉස්සර රනිල් මහත්තයා නෙමෙයි දැන් ඉන්නේ. දැන් රනිල් මහත්තයා තානාපති කාර්යාල කියන දේවල් අහන්නේ නෑ. ඔය යසට අරගලේ සුද්ද කළේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා වෙනස් වෙලා දැන්. ඒ හින්දා තමයි අපි උදව් කළේ.

මහන්ද මහත්තයාට ත්‍රස්තවාදයට මුහුණ දීලා පළපුරුද්දක් තියෙනවා. රනිල් මහත්තයටත් පළපුරුද්දක් තියෙනවා, කැරලිවලට මුහුණ දීලා.

ගෝඨාභය මහත්තයට බැන්නේ බදු කැපුවා කියලා. බදු කැපීම වගේ මෝඩ තීන්දු ගන්නේ ඇයි ඇහුවා. දැන් ඒ අය ම ප්‍රෙස් එකක් තියල කියනවා බදු වැඩියි කියලා.”

පොළොන්නරුව ප්‍රදේශයේ දී ඊයේ (14) ජනහමුවක් අමතමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *