ශ්‍රී ලංකාව හිර කරන්න කළ හැකි සියල්ල කරන්න…! – සම්බන්ධන්…

September 16, 2022 at 6:00 pm | by emanisa.lk

මානව හිමිකම් කඩ කිරීම්, යුද්ධ අපරාධ හා ජනවර්ගවලට එරෙහි අපරාධවලින් ශ්‍රී ලංකා රජය හා එහි ආරක්‍ෂක අංශවලට බේරීමට නොහැකි ආකාරයට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ මෙවර සැසිවාරයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ශක්තිමත් යෝජනාවක් සම්මත කළ යුතු යැයි දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් අවධාරණය කර ඇත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ සියලු සාමාජික රටවල් ශ්‍රී ලංකාව සඳහා වන මෙවර යෝජනාව සම්මත කර ගැනීමට සහයෝගය දිය යුතු යැයි ද හෙතෙම ඉල්ලා සිටියි.

මේ වන විට ජිනීවා නුවරදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 51 වන සැසිවාරය සහ ශ්‍රී ලංකාව පිළිබඳව ඉදිරිපත්ව ඇති වාර්තා සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සම්පන්දන් මෙම ඉල්ලීම කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *