හමුදා නිලධාරීන් 59ක් ජිනීවා දංගෙඩියට….! දෙමළ සන්ධානයෙන් සහ පල්ලියෙන් රහස් සන්දේශයක්….!

January 21, 2021 at 8:44 am | by emanisa.lk

මෙ රට හමුදා නිලධාරීන් 59ක් විසින් සමූල ඝාතන සිදුකර ඇති බව දක්වමින් ඔවුන් ජාත්‍යන්තර අධිකරණයට යොමු කිරීමේ පියවර ගන්නා ලෙස ද්‍රවිඩ සන්ධානය ප‍්‍රමුඛ සංවිධාන 11 ක් සහ ති‍රිකුණාමල රදගුරු නොයෙල් එමානුවෙල් පියතුමා විසින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් 17කට රහස් සංදේශයක් යවා ඇත.

මෙම රහස් සංදේශයේ අඩංගු තොරතුරු ශ්‍රී ලංකා රජයට හෙළි වී තිබේ. එම රහස් සංදේශයට ආර්. සම්බන්ධන්, ගජන් පොන්නම්බලම්, සී. විග්නේෂ්වරන් ඇතුළු 11ක කණ්ඩායම අත්සන් කර ඇත.

මෙම සංදේශයේ තව දුරටත් දක්වා ඇත්තේ ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට යොමු කරන ලෙසයි.

මේ අතර මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට් විසින් ශ්‍රී ලංකාව ගැන කටයුතු කිරීම ආරක්ෂක මණ්ඩලයට යොමු කළහොත් රුසියාව සහ චීනය ඊට එරෙහිව නිෂේධ බලය භාවිත කරන බව ශ්‍රී ලංකාවට දන්වා ඇත.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස