පඩිය නැතිව ජීවත් වෙන්න විදිහක් නෑ..! මට නම් පඩිය ඕන..! – රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන්..

September 15, 2022 at 11:32 pm | by emanisa.lk

වැටුප් ලබා නොගෙන තමන්ට සේවය කළ නොහැකි බව රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය සුරේන් රාඝවන් ප්‍රකාශ කරයි.

මන්ත්‍රී වැටුප සිය එකම ආදායම් මාර්ගය බවත්, එය නොමැති වුවහොත් ජීවත්වීමද ගැටලුවක් බවත් ඔහු පවසයි.

කෙසේ නමුත් කිසිදු දූෂණයකට හෝ වංචාවකට ඉඩ නොතබා සිය ඇමති ධුරයට අදාල රාජකාරි අකුරටම ඉටු කිරීමටත් ජනතාවට උපරිම සේවයක් සිදු කිරීමටත් කටයුතු කරන බව ඔහු අවධාරණය කරයි..

සුරේන් රාඝවන් මහතා වැඩි දුරටත් පවසන්නේ ඇතැම් මැති ඇමතිවරුන් නම් පාර්ලිමේන්තුවට පැමිණෙන විට අඳින ඇඳුම් සඳහා පවා ලක්ෂ ගණන් වැය කරන බවයි. ඇතැම් මන්ත්‍රීවරුන් පළඳින කබාය රුපියල් ලක්ෂ 08 – 09 ක් පමණ වටිනා බවයි. ඔවුන් ආණ්ඩුවේ වාහන ලබා ගත්තද ඊට වඩා වටිනා වාහන ඔවුන්ගේ නිවෙස්වල තිබෙන බවද රාජ්‍ය ඇමතිවරයා පෙන්වා දෙයි.

මහජන සේවකයෙකු ලෙස සාමාන්‍ය වැටුපක් ලබන ඔවුන් එවැනි වටිනා භාණ්ඩ සඳහා වියදම් කරන්නේ කෙසේද යන්න තමාට ගැටලුවක් බවද ඔහු සඳහන් කරයි.

වැටුප් හෝ කිසිදු වරප්‍රසායක් ලබා‌ නොගෙන අතින් වියදම් කරගෙන තනතුරු දැරීමේ හැකියාව බොහෝ ඇමතිවරුන්ට තිබුණද මන්ත්‍රී වැටුප එකම ආදායම් මාර්ගය වූ තමාට නම් වැටුප් ලබා නොගෙන සේවය කරන බවට පොරොන්දු විය නොහැකි බව සුරේන් රාඝවන් සඳහන් කළේ..

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *