බිලියන 3000ක් බදු වංචා කළ මහා බදු හොරු ලැයිස්තුව මෙන්න..!

September 8, 2022 at 8:00 pm | by emanisa.lk

මේ රටේ බදු ගෙවිය යුතු විශාල පිරිසක් බදු නොගෙවන බව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

රටේ ජනතාව මිලියන 22ක් සිටිය ද බදු ගෙවන්නේ 30 000ක පමණ සුළු පිරිසක් බවයි, හිටපු ඇමැතිවරයා හෙළි කළේ.

මේ රටේ විශාලතම වී මෝල් හිමියා අවුරුදු 05ක් ඇතුළත බදු සත පහක් ගෙවා නැතැයි ද දෙවැන්න ගෙවා ඇත්තේ ලක්ෂ 09ක් බව ද පාර්ලිමේන්තුව ද නියෝජනය කරන තෙවන වී මෝල් හිමියා මිලියන 50ක් බදු ගෙවා ඇති බව ද මහින්දනන්ද පෙන්වා දෙයි.

බිලියන ගණනින් ලාභ උපයන කැසිනො බලපත් හිමියන් ද බුකීකරුවන් බදු නොගෙවන බවත් ලොකුම ඇඟළුම් අපනයනකරු මිලියන 150ක් ඇඟළුම් අපනයනය කළ ද ආදායම් බදු ගෙවන්නේ මිලියනයක් සඳහා බව ද ඔහු අනාවරණය කරයි.

මේ ආකාරට ම තේ අපනයනකරුවන්, සුපිරි වෙළඳසැල් සමූහ, නිමි ඇඳුම් අලෙවිසැල්කරුවන්, මහල් නිවාස හදන සමාගම් සත පහක ආදායම් බදු ගෙවා නැතැයි ද මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කරයි.

අලුතින් බදු පැනවීම උවමනා නැති බවත් නියම ලෙස බදු අයකර ගන්නේ නම් වර්ෂයකට බිලියන 3000ක බදු මුදලක් හිමි වන බවත් ඔහු අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *