කවදාවත් ලෝකයේ කිසිම රටක් ශ්රී ලංකාව තරම් බංකොලොත් වී නැතැයි හිටපු ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංග සඳහන් කරයි.
ලංකාවේ නායිකාව හැටියට මෙන්ම හිටපු නායිකාව හැටියට තමන් ලෝකය පුරා හරිම ආඩම්බරයෙන් ගමන් කළ බව ද දැන් විලිලැජ්ජාවේ බැරි බව ද ඇය සඳහන් කළාය.
තමන් එංගලන්තයේ මාස තුනක කාලයක් සිටියේ සැඟවී බවත් කිසිම පුද්ගලයකු මුණගැහුණේ නැති බවත් ඇය පැවසුවාය.
ලංකාවට මෙවන් තත්ත්වයක් ඇති වූයේ තනිකරම රාජපක්ෂ පාලනයේ හොරකම නිසා බව ද ඇය කියා සිටියාය.
නව ශ්රී ලංකා නිදහස් පක්ෂය බිහි කිරීමේ කිරීමේ අවස්ථාව අමතමින් ඇය මෙම අදහස් පල කළාය.