රට අස්ථාවර වුණේ වැරදි තීරණ ගත් අය නිසයි..! සාක්ෂි සහිතව ඔප්පු කරන්න මම සූදානම්…! – ගම්මන්පිල…

August 22, 2022 at 5:54 pm | by emanisa.lk

මැයි 9 වන දා සිට ජුනි 12 වන දා දක්වා කාලය තුළ සිදු වූ ප්‍රචණ්ඩකාරී සිද්ධි සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා වහා ම ජනාධිපති කොමිසමක් පත් කරන්නැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසයි.

“රට අස්ථාවර කිරීමේ කුමන්ත්‍රණයට රට ඇතුළේත් රටේ පිටතත් බලවේග වගේ ම ආණ්ඩුව ඇතුළේ ඉඳන් රට අස්ථාවර කිරීමේ බලවේග තිබුණ බව ඉතා ම පැහැදිලියි. අද මේ ජනතාව මුහුණ දෙන දුෂ්කරතා ඇති වුණේ වංචා, දූෂණ, සිතා මතා ගත් වැරදි තීරණ සහ නොසැලකිල්ල නිසා.

මා යළිත් අවධාරණය කරනවා සිතා මතා ගත් වැරදි තීරණ නිසා. මේ තත්ත්ත්වය ඇති වුණේ ඇයි? ඒකට වගකිවයුත්තන් කවුද? කියන එක හඳුනා ගත්තේ නැත්නම් අනාගතයේ නැවතත් මේ අභාග්‍ය සම්පන්න කාලය උදා වීමේ අවදානමක් තිබෙනවා.

තව ද ආර්ථික අර්බූදය ඇති වීමට හේතු සහ ඊට වගකිවයුත්තන් කවුරුන් ද යන්න සොයා බලා වාර්තා කිරීමට ද තවත් ජනාධිපති කොමිසමක් වහා ම පත් කළ යුතු බව උදය ගම්මන්පිල මහතා පැවසීය.

“එවැනි ජනාධිපති කොමිසමක් පත් කළොත් මේ රට මෙතනට ඇද දැමීමට නොසැලකිල්ලෙන් වැරදි තීරණ ගනිමින් කටයුතු කළේ කවුද යන්න සාක්ෂි සහිතව ඒ කොමිසම ඉදිරියේ කරුණු දක්වන්න මා සූදානම්.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *