ආණ්ඩුව තුළ තමන් හැසිරෙන්නේ ගෙදර සිටින බල්ලා වගේ යැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.
දේශපාලනඥයා ඊළඟ ඡන්දයත් රාජතාන්ත්‍රිකයා ඊළඟ පරම්පරාවත් දෙසා බලා තීන්දු ගන්නා බවත් කෙතරම් අවාසි සහගත තත්ත්වයක වුවත් තමන් රාජතාන්ත්රිකයෙකු ලෙස හැසිරෙන බවත් ඇමැතිවරයා අවධාරණය කරයි.
“ආණ්ඩුව ඇතුළෙ අපි හැසිරෙන්නෙ ගෙදර ඉන්න බල්ලා වගේ. ගෙදරට අනතුරක් වෙන්න යනකොට තමයි බල්ලා බුරන්නෙ.
එතකොට බල්ලා බුරද්දී බුරන දිසාව බලලා අනතුර හඳුනාගන්නවා වෙනුවට බල්ලාව පන්නලා දැම්මොත් ගෙදර කට්ටියගෙ අවසානෙ තමා සිද්ධ වෙන්නෙ.
ඒ නිසා මම හිතන්නෙ අපි රටට ආදරේ නිසා, ආණ්ඩුවට ආදරේ නිසා ආණ්ඩුවෙන් වරදක් වෙන්න යන කොට අපි හඬනගනවා”
අමාත්‍ය උදය ගම්මන්පිල මේ බව පැවසුවේ ඊයේ (29) බලශක්ති අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.