ජනාධිපති රනිල් වික්රමසිංහට වඩා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හොඳ බව ගාලු මුවදොර අරගලකරුවෝ පවසති.
ඊයේ (22) අලුයම ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අවට රැඳී සිටි අරගලකරුවන් ඉවත් කිරීමට පොලිසිය සහ හමුදාව යෙදවූ අවස්ථාවේ ඔවුහු මේ බව ප්රකාශ කළහ.
බණ්ඩාරනායක පිළිරුව අසල සිට මීටර 50ක සීමාවට කිසිවෙකුට ඇතුළු නොවන ලෙස අධිකරණයට පසුගියදා නියෝග කළ ද විරෝධතාකරුවන් ඊට අවනත වූයේ ද නැත. අධිකරණ නියෝගය දැනුම් දීමට ගිය පොලිසිය පළවා හැරීමට ද ඔවුහු කටයුතු කළහ.
මේ නිසා ඊයේ අවම බලය යොදා එම ප්රදේශය නිදහස් කරගැනීමටත් ජනාධිපති ලේකම් කාර්යාලය නැවත අත්පත් කර ගැනීමටත් ආරක්ෂක අංශ කටයුතු කළේය.