ජනාධිපති තරඟෙට මමත් එනවා..! ඒත් බලය තියෙන්නේ ගෝඨා අතේ…! – සජිත්…

July 16, 2022 at 9:23 am | by emanisa.lk

පුරප්පාඩු වී ඇති විධායක ජනාධිපති ධූරයට තරග කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමිනි.

එහි දැක්වෙන්නේ ඡන්දය මන්ත්‍රීවරුන් 225කට සීමා වී ඇති බවත් බහුතරය ගෝඨාභය රාජපක්ෂ පාර්ශ්වය සතු බවත්ය.

කෙසේ වෙතත් සත්‍ය ජයගනු ඇතැයි තමන්ගේ දැඩි විශ්වාසය බව ද ඔහු තැබූ ට්විටර් සටහනේ දැක්වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *