අසනීප තත්වයක් හේතුවෙන් මාතර මහ රෝහලට ඇතුළත් කළ මාතර ප්‍රාදේශීය මහ ලේකම් කෞෂල්‍යා කුමාරි එම රෝහලේ සේවක සේවිකාවන් ශල්‍යාගාරය තුළ සිර කර තබා ගෙන ඇත.
තමන්ට ඊයේ දින ප්‍රමාණවත් පරිදි ඉන්ධන ලබා නොදුන්නැයි කියමින් රෝහල් සේවකයින් මෙලෙස අසනීප වූ ප්‍රාදේශීය මහ ලේකම්වරිය සිරකර තිබේ.
පැයක පමණ කාලයක් රෝහලේ ශල්‍යාගාරයක් තුල සිර වී සිටි ප්‍රාදේශීය මහ ලේකම්වරිය පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් මුදා ගෙන ඇත.
පසුව ඇය මාතර සමුපකාර රෝහල වෙත ඇතුළත් කළ බව වාර්තා වෙයි.