ආණ්ඩුවෙන් යන්න දෙවරක් හිතන්නේ නෑ..! සජිත්ලගේ තවලකැලේ විරෝධතාවට පක්ෂයි..! – රාජ්‍ය ඇමැති තොණ්ඩමන්…

April 2, 2022 at 5:52 pm | by emanisa.lk

ජනාධිපතිවරයාගේ නිවස ඉදිරිපිට පැවැති උද්ඝෝෂණයට සහභාගි වු පිරිසකට සහ මාධ්‍යවේදින් කිහිප දෙනෙකුට ආරක්ෂක අංශ පහර දි තුවාල සිදු කිරිම ලංකා කම්කරු කොන්ග්‍රසය තරයේ හෙලා දකින බව වතු යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජිවන් තොණ්ඩමන් පවසයි.

ජිවන් තොණ්ඩමන් රාජ්‍ය අමාත්‍යවරයා ඒ බැව් කියා සිටියේ (02) දින කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිණි.

මෙම මාධ්‍ය හමුවේදි වැඩිදුරටත් අදහස් දැක් වු රාජ්‍ය අමාත්‍ය ජිවන් තොණ්ඩමන් කියා සිටියේ රටේ දැනට පවතින ගැස්, ඉන්ධන, විදුලි අර්බුදය සහ ජිවන වියදම ඉහළ යාම හමුවේ පිඩාවට පත් ජනතාව අද රජය අප්‍රසාදයට පත් කර ඇති බවත්, එවැනි අවස්වථාක උද්ඝෝෂණයට පැමිණි පිරිසකට පහර දි තුවාල සිදු කිරිම විසඳුම නොවන බවයි.

තම පක්ෂය සැම අවස්ථාවකම වතු කම්කරුවන් වෙනුවෙන් පෙනි සිටි බවත්, එම ජනතාවගේ අවශ්‍යතාවන් තමන්ට ඉටු කිරිමට නොහැකි වුවහොත් තම රජයට දක්වන සහයෝගයෙන් ඉවත් විමට පවා දෙවරක් නොසිතන බවත් රාජ්‍ය අමාත්‍ය ජිවන් තොණ්ඩමන් කියා සිටියේ ය.

සර්ව පාක්ෂික සමුළුවට තමන් සහභාගී නොවුයේ කැබිනට් අමාත්‍ය ධූරයක් ලබා නොදිම නිසා නොව වතුකරයේ ජනතාව වෙනුවෙන් කළ ඉල්ලීම් තුන නොලැබුණු නිසා බව ද හෙතෙම කියා සිටියේ.

හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරිම කුමන හේතුවක් මත කළා ද යන්න පිළිබඳව තමන් නොදන්නා බවත්, පාර්ලිමේන්තුවට මෙය ගෙන ඒමේදි ඒ පිළිබඳව අධ්‍යනය කර තම සහයෝගය ලබාදෙනවාද නැද්ද යන්න තීරණය කරන බවත් ජිවන් තොණ්ඩමන් පැවසිය.

දෙමළ ප්‍රගිතිශීලි සන්ධානය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් (03) දින තලවකැලේ නගරයේදි උද්ඝෝෂණයක් පැවැත්විමට නියමිත බවත්, එයට තමන්ගේ කිසිදු විරෝධයක් නොමැති බව පැවසු ජිවන් තොණ්ඩමන් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ රටේ මෙපමණ අර්බුද තියෙන අවස්ථාවක රට තුළ සැණකෙලි පැවැත්විම සිදු නොකළ යුතු බවයි.

ඩිසල් හිගය රටේ ජනතාවට පමණක් නොවන තමන්ටද පෞද්ගලිකව බලපැමක් සිදු වි ඇති බවත්, කැබිනට් මණ්ඩලය ඉවත් කර සියලු පක්ෂ සම්බන්ධ කර ගනිමින් කැබිනට් මණ්ඩලයක් තාවකාලිකව පත් කරන ලෙස හිටපු අමාත්‍ය විමල් විරවංශ ගෙන ආ යෝජනාව රටේ ආර්ථික ගැටළු විසඳීමට සුදුසු එකක් නම් එය සිදු කිරිම පිළිබඳව ලංකා කම්කරු කොංග්‍රසයේ විරෝධයක් නොමැති බවත් ජීවන් තොන්ඩමන් වැඩි දුරටත් සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *