ඉන්ධන හිඟ වුණේ ජනතාව ෆුල් ටෑන්ක් ගැසූ නිසයි..! – රෝහිත..

February 18, 2022 at 6:44 am | by emanisa.lk

වැඩක් කරද්දී වැඩි ම විවේචන එල්ල කරන රට ලෝකෙන්ම ලංකාව බව වරාය ඇමති රෝහිත අබේගුණවර්ධන සඳහන් කරයි.

ආණ්ඩුවට රට හදන්න කියා දෙන ඇතැමුන් උදේ පාන්දර අවදි වූ පසු ඇඳේ රෙද්ද නමන්නේවත් නැතැයිද හෙතෙම පැවසීය.

ඉන්ධන හිගයක් ඇතිවෙතැයි පසුගිය මාස කිහිපයක් පුරා ම විපක්ෂයේ විසින් ප්‍රචාර ගෙන ගිය ද එවන් ඉන්ධන හිඟයක් ඇති නොවූ බව ද හෙතෙම කියයි.

ඉන්ධන ඇති වෙන්නේ යැයි පැවසූ පසු ජනතාවට ටැංකි පිරෙන්න ඉන්ධන ගැසීම නිසා පැය කිහිපයකින් ඉන්ධන හිඟයක් ඇති වන බව ද ඔහු පැවසීය.

එහෙත් ශ්‍රී ලංකාවට ඉන්ධන ගෙන්වීමේදී හිගයක් මෙතෙක් ඇති නොවූ බවත් හෙතෙම සඳහන් කළේය.

ජනහමුවක් අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *