අගමැතිගේ ප්‍රකාශ හාස්‍යජනකයි..! ඔළුවට පොලු පාරක් ගහල පියවි සිහිය ගන්න ඕන..! – විමල්..

March 7, 2022 at 2:37 pm | by emanisa.lk

රට තුළ ඉන්ධන හිගයක් ඇති වූයේ අමාත්‍යවරුන්ගෙ ප්‍රකාශ නිසා බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිදුකළ ප්‍රකාශය ඉතා හාස්‍යජනක බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

අද පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

අගමැතිවරයා හෝ වෙන කවුරුන් ප්‍රකාශ කළ ද එවැනි ප්‍රකාශ මෝඩ ප්‍රකාශ ලෙස හැඳින්විය හැකි බව පෙන්වා දෙන විමල් වීරවංශ, වැඩි දුරටත් ප්‍රකාශ කරන්නේ, එසේ නම් ඉදිරියේදී කිසිදු ඉන්ධන හිගයක් ඇති විය නොහැකි බවයි.

ඉන්ධන ආනයනය සඳහා වාණිජ්‍ය බැංකු මගින් ණයවර ලිපි නිකුත් නොකරන්නේ නම්, ගෑස් ආනයනය සඳහා ණයවර ලිපි නිකුත් නොකරන්නේ නම්, ඉන්ධන හා ගෑස් ආනයනයට බාධා සිදුවන බවත්, රට තුළ ඉන්ධන හිගයක් මතුව තිබෙන්නේ ඒ නිසා බවත් විමල් වීරවංශ පවසයි.

ඒ නිසා රටතුළ ඉන්ධන හිගයක් මතුව ඇති බව සියලු දෙනා පිළිගත යුතු බවත්, ඊට හේතුව රට සතු විදේශ විනිමය හිගවීම බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.

විදේශ විනිමය අර්බුදයක් හෝ ඉන්ධන අර්බුදයක් රට තුළ නොමැති බව පවසමින් හිත සතුටු කරගෙන නින්දට යාමට සිතා සිටින්නේ නම් පසුවදා පාන්දර ඔලුවට පොල්ලකින් පහර දී ප්‍රකෘති තත්ත්වයට ගැනීමට සිදුවන බව ද හිටපු ඇමතිවරයා ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *