කැබලිත්ත වන සංහාරය පිටුපස ප්‍රබල ඇමැතිලා දෙදෙනෙක්…!

June 3, 2022 at 9:52 am | by emanisa.lk

වත්තේගම කැබලිත්ත කොටියාගල වන රක්ෂිත ප්‍රදේශයේ මේ මොහොතේ සිදුවෙමින් පවතින මහා පරිමාණ වනාන්තර විනාශය හා රජයේ ඉඩම් බලෙන් අත්පත් කරගැනීම පිටුපස හිටපු ප්‍රබල අමාත්‍යවරුන් දෙදෙනකු, ආරක්ෂක අංශ ප්‍රධානියකු, චීවරධාරියකු ඇතුළු ව්‍යාපාරිකයින් කිහිපදෙනකු සිටින බව වාර්තා වේ.

මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළ පිහිටි මෙම රක්ෂිත වනාන්තර ඉඩම් විනාශය වාර්තාවන අන්දමට විල්පත්තු උතුරු වනාන්තරවලට සිදුකරන ලද හානියටත් වඩා 20 ගුණයකටත් වැඩි විනාශයකි.

ප්‍රදේශයේ ඉඩම් අහිමි පුද්ගලයින් සඳහා ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව මගින් මෙම වනාන්තර ඉඩම්වලින් අක්කර 25,000 ක් නිදහස් කර දී තිබියදීත් මෙසේ ඉතිරි රක්ෂිත ප්‍රදේශය ඩෝසර් දමා වැනසීම පිටුපස ප්‍රදේශය නියෝජනය කරන ප්‍රබල දේශපාලන චරිත රැසක්ද සිටින බව පරිසරවේදීහු කියා සිටිති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *