අද (24) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි හිටපු ඇමැති ජොන්ස්ටන් ප්රනාන්දු අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවක් පැවැත්විණි.
ගාලුමුවදොර විරෝධතාකරුවන් පිරිසක් විසින් මෙම විරෝධතාව පවත්වා ඇති අතර ඔවුන් පවසන්නේ ජොන්ස්ටන් ප්රනාන්දු අරගලකරුවන්ට පහර දුන් බවයි.
ජොන්ස්ටන් ප්රනාන්දුට ඊයේ (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබුණද ඔහු ඊයේ පෙනී සිටියේ නැත.
කෙසේ වෙතත් අද පෙරවරුවේ ප්රකාශ ලබා දීම සඳහා ජොන්ස්ටන් ප්රනාන්දු මන්ත්රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අතර මීට පෙර පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 8 දෙනෙකු පසුගිය 9 වනදා සිදුවූ කලහකාරී සිද්ධින්ට අදාළව ප්රකාශ ලබාදී තිබුණි.