ඇතැම් අවස්ථාවල විදුහල්පතිවරුන් සිය පාසලේ ළමුන් අපයෝජනය කළ සිද්ධි වාර්තා වී ඇතැයි සමගි ජන බලවේග ජාතික සංවිධායක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.
එම තත්ත්වයට ලබා දිය යුතු විසඳුම විදුහල්පති තනතුර අහිමි කිරීම දැයි හෙතෙම ප්‍රශ්න කරයි.
කළ යුත්තේ විදුහල්පති ඉවත් කර සුදුස්සෙකු එතැනට ගෙන ඒම යැයි සරත් ෆොන්සේකා අවධාරණය කරයි.
විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට සමගි ජන බලවේගය මගින් ගෙන ආ යෝජනාව පිළිබඳ අද (21) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් හෙතෙම මේ බව සඳහන් කළේය.