ගෝඨා නෙරපා හර්ෂ ජනපති කරනු…! – හරීන්..

April 6, 2022 at 7:43 pm | by emanisa.lk

මේ රටේ ජනාධිපති කිරීම සඳහා කිසිවෙකු නැත්නම් හර්ෂ ද සිල්වා ජනාධිපති කළ යුතු බව හරීන් ප්‍රනාන්දු පවසයි.

මන්ත්‍රීවරයා පවසන්නේ, ආර්ථික විශේෂඥයකු වන ඔහුට ජනතාව අතර පිළිගැනීමක් ඇති බවත් මේ අවස්ථාවේ යමක් කළ හැකි බවත් ය.

හර්ෂ ද සිල්වාට තරුණ සිතුම් පැතුම් හඳුනාගත හැකි බවත් සියලු පාර්ශ්ව අතර පිළිගැනීමක් ඇති බවත් හරීන් ප්‍රනාන්දු අවධාරණය කරයි.

තම මන්ත්‍රී වැටුප අවුරුද්දක් ලබා නොගන්නා බවත් පාර්ලිමේන්තු භෝජනාගාරයේ ආහාර නොගන්න බවත් ඔහු අවධාරණය කළේ ය.

අද (06) පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේ ය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *