උද්ඝෝෂණ ව්‍යාපෘතිය සාර්ථක වෙයි…! සංචාරකයෝ රට අතහැර පැන දුවති…!

April 6, 2022 at 11:47 am | by emanisa.lk

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන කලහාකාරී වාතාවරණය හමුවේ මෙරට දැනට රැඳී සිටින සංචාරකයන් සිය සංචාර නවතා නැවත තම රටවල් වෙත ගමන් ඇරඹීමට කටයුතු කරමින් සිටිති.

ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයන් සඳහන් කරන්නේ මේ වන විටත් ඔවුන් සිය හෝටල් වෙන්කරගැනීම් අවලංගු කරමින් සිය ආපසු යාම සඳහා කටයුතු කරමින් සිටින බවයි.

සිය මවු රටවලින්ද ඔවුනට දන්වා ඇත්තේ ශ‍්‍රී ලංකාවේ රැඳී සිටීම අවධානම් සහගත බවයි. එමෙන්ම ඉන්ධන හිගය, විදුලි කප්පාදුව වැනි කාරණාවලින් ද ඔවුහු අපහසුතාවට පත් ව සිටිති.

මෙම තත්ත්වය මත කොවිඩ් වසංගතයට පසු නැවත හිස එස වූ සංචාරක කර්මාන්තය යළි පසුබෑමකට ලක් වනු ඇති බවට ක්ෂේත්රයේ ව්‍යාපාරිකයෝ කනස්සල්ල පළ කරති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *