රට පුරා හදිිසි නීතිය පනවයි…! සාමය රකින්න පොලිසියට හමුදාවට බලය…!

April 2, 2022 at 6:26 am | by emanisa.lk

2022 අප්‍රේල් 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා හදිසි නීතිය පනවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකාව පුරා මහජන හදිසි අවස්ථා තත්ත්වයක් පැවතීම හේතුවෙන් මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම සඳහාත් අත්‍යාවශ්‍ය සැපයීම් හා සේවා පවත්වා ගෙන යෑම සඳහා මෙසේ මහජන ආරක්ෂක පනතේ II කොටසේ විධිවිධාන ක්‍රියාත්මක කරන බවයි, එම ගැසට් නිවේදනයෙන් දැක්වෙන්නේ.

හදිසි නීතිය ක්‍රියාත්මක වන අවස්ථාවකදී මහජන ආරක්ෂාව වෙනුවෙන් ඕනෑම ස්ථානයකට අවසරයකින් තොරව ඇතුළු වීමට සහ ඕනෑම පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසියට බලය ලැබේ. එමෙන්ම එකී පොලිස් බලතල හමුදාවට ද හිමිවෙයි.

ජනාධිපතිවරයාට උපරිම මාසයක කාලයක් දක්වා හදිසි නීතිය පැනවිය හැකි අතර ඉන් ඉදිරියට එය දීර්ඝ කිරීමට නම් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතුව ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස