බැසිල් මුදල් ඇමැති කළ මෝඩ ජනපති විනාශයට වගකිව යුතුයි..! – විජේදාස..

March 23, 2022 at 6:54 am | by emanisa.lk

හෙට දින ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත සර්ව පාක්ෂික සමුළුව තමන් දකින ආකාරයට විහිළුවක් වන අතර එයට ගමේ මරණාධාර සමිතියකට තියෙන බලය හෝ නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි.

ඒ, ඊයේ (22) කොළඹදී ඔහු විසින් කැඳවා තිබුණු මාධ්‍ය හමුවේදීය.

මෙහිදී බලය දී ඇත්තේ පාර්ලිමේන්තුවට වන හෙයින් කළ යුතු වන්නේ පාර්ලිමේන්තුව තුළින් විසඳුමක් සෙවීම වන අතර ඒ සඳහා කළ යුතු වන්නේ අන්තර් කැබිනට්ටුවක් මඟින් අන්තර් ආණ්ඩුවක් ඇති කරගැනීම බව යැයි මන්ත්‍රීවරයා කියා සිටියේය.

මුලින්ම දැන් කළ යුත්තේ ජනතාව බේරා ගැනීම වන බවත් අප දන්නා ඉතිහාසය තුළ මෙලෙස අත්‍යවශ්‍ය දේ ලබා ගැනීමට පෝලිම්වල සිට ජනතාව මිය නොගිය බවත් විජේදාස රාජපක්ෂ සඳහන් කරයි.

කෙසේ වෙතත් රට තුළ සිදුව ඇති විනාශයට තමන් බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයාට පමණක් ඇඟිල්ල දිගු නොකරන අතර ආර්ථිකය ගැන මළ පොතේ අකුරක් නොදන්නා කෙනෙක් මුදල් ඇමතිවරයා ලෙස පත්කළ මෙම මෝඩ ජනාධිපතිවරයා මේ විනාශයට වගකිවයුතුව ඇති බවයි ඔහු අවධාරණ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස